නවසීලන්තයේ ජනතාවට සෞඛ්‍ය සේවා වඩාත් පහසුවෙන් සහ කඩිනමින් ලබාදීමේ අරමුණින් Community Pharmacists ලාගේ කාර්යභාරය තවත් පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය Simeon Brown සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය David Seymour විසින් නිවේදනය කළ මෙම වැඩසටහනේ අරමුණ වන්නේ GP සේවාවන් මත පවතින තදබදය අඩු කිරීම සහ සාමාන්‍ය සෞඛ්‍ය ගැටලු සඳහා ජනතාවට ඉක්මනින් උපකාර ලබාදීමයි.
මෙම යෝජනාව යටතේ, සහභාගී වන Community Pharmacies හරහා පහත සඳහන් තත්ත්වයන් සඳහා උපදෙස්, ඇගයීම් සහ අදාළ සහනාධාර සහිත ඖෂධ ලබාගැනීමේ හැකියාව පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා.
- කුඩා දරුවන්ගේ උණ සහ වේදනා කළමනාකරණය (Pain and fever management)
- විජලනය සඳහා මුඛ ප්‍රතිජලන සේලයින් (Oral rehydration)
- හොරි, උකුණන් සහ ඇස් ලෙඩ (Scabies, head lice, and conjunctivitis)
- සරල මුත්‍රවාහිනී ආසාදන (Uncomplicated Urinary Tract Infections – UTIs)
- හදිසි උපත් පාලන ක්‍රම (Emergency contraception)
මෙම වැඩසටහන විශේෂයෙන්ම ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මෙම සේවාවන් සියලුම Community Pharmacies වලින් ලබාගත නොහැකි අතර, අදාළ වැඩසටහනට සහභාගී වන ෆාමසි මඟින් පමණක් ලබාදෙනු ඇත.
රජයේ බලාපොරොත්තුව වන්නේ Community Pharmacists ලාගේ විශේෂඥ දැනුම වඩාත් කාර්යක්ෂමව භාවිතා කරමින් ජනතාවට නිවසට ආසන්නයෙන්ම, කඩිනමින් සහ අඩු පිරිවැයකින් සෞඛ්‍ය සේවා ලබාදීමයි.
