New Zealand Citizenship සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට වැදගත් update එකක්.

2026 August 28 සිට New Zealand Citizenship application සහ අනෙකුත් citizenship services සඳහා අය කරන ගාස්තු ඉහළ දමා තිබෙනවා.

New Zealand Department of Internal Affairs (DIA) අනුව Citizenship application fee එක 14.4%කින් වැඩි කර තිබෙනවා.

💰 අලුත් Citizenship Fees

Citizenship by Grant

👤 Adult – වයස අවුරුදු 16 සහ ඊට වැඩි
NZD $641

👧 Child – වයස අවුරුදු 15 සහ ඊට අඩු
NZD $320

Citizenship by Descent

Citizenship by Descent register කිරීම සඳහා:

Adult (16+)

  • Citizenship registration — $278
  • Registration + Passport — $525
  • Registration + Urgent Passport — $772

Child (15 and under)

  • Citizenship registration — $278
  • Registration + Passport — $422
  • Registration + Urgent Passport — $669

ඇයි Citizenship fees වැඩි කළේ?

Department of Internal Affairs සඳහන් කරන ආකාරයට Citizenship services ලබාදීමේ වියදම පසුගිය කාලයේ වැඩි වී තිබෙනවා.

ඒ සඳහා ප්‍රධාන හේතු ලෙස inflation, wage growth, rising operating costs සහ පැරණි core technology system එක replace කිරීම සඳහා සිදුකරන investment එක සඳහන් කර තිබෙනවා.

දැනට තිබූ fees වලින් Citizenship services ලබාදීමට යන සම්පූර්ණ වියදම cover නොවන බවත් DIA පවසනවා.

ඒ නිසා services භාවිතා කරන අය විසින් එම වියදම වැඩි වශයෙන් cover කිරීම සහ taxpayers මත එම වියදම පැටවීම අවම කිරීම මෙම fee adjustment එකේ අරමුණක්.

📅 කවදා සිටද?

අලුත් fees 2026 August 28, පෙ.ව. 12.01 සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව දැන් New Zealand Citizenship by Grant සඳහා apply කරන adult applicant කෙනෙකුට $641ක් සහ child applicant කෙනෙකුට $320ක් ගෙවීමට සිදුවෙනවා.

Citizenship සඳහා ඉදිරියේදී apply කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අය, application එක submit කිරීමට පෙර New Zealand Government official website එකෙන් latest fees සහ eligibility requirements check කිරීම වැදගත්.

Source: New Zealand Department of Internal Affairs / New Zealand Government