නවසීලන්ත රජය විසින් Accredited Employer Work Visa (AEWV) යටතේ පවතින අවම English language requirement එක තවත් පුළුල් කිරීමට තීරණය කර තිබේ.
ලබන මාසයේ ආරම්භයේ සිට මෙම English අවශ්‍යතාවය ANZSCO සහ National Occupation List (NOL) යටතේ ඇති Skill Level 3 jobs සඳහාද අදාළ වනු ඇත.
National Occupation List (NOL) මඟින් jobs, Skill Level 1 සිට 5 දක්වා වර්ගීකරණය කර ඇති අතර, Skill Level 1 roles ලෙස Chief Sustainability Officer හෝ Executive Chef වැනි jobs ඇතුළත් වේ. Skill Level 3 category එකට Peer Support Worker සහ Ski Patroller වැනි occupations අයත් වේ.
මෙම වෙනසත් සමඟ Skill Level 3 roles සඳහාද දැනට Skill Level 4 සහ 5 සඳහා පවතින English requirement එකම ක්‍රියාත්මක වේ.
Immigration Minister Erica Stanford සඳහන් කළේ, AEWV යටතේ වැඩිම පිරිසක් මේ වන විට Skill Level 3 category එකට අයත් වන බවයි.
“සාමාන්‍ය දෛනික English භාෂාවෙන් සන්නිවේදනය කළ හැකි වීම workersලාට තමන්ගේ rights තේරුම් ගැනීමටත්, workplace සහ community එක තුළ සාර්ථකව එකතු වීමටත් වැදගත්,” යැයි ඇය ප්‍රකාශ කළාය.
අවශ්‍ය English standard එක ලෙස දැනට පවතින IELTS 4.0 (හෝ equivalent qualification) මට්ටමම භාවිතා වන අතර, එය advanced English නොව everyday situations සඳහා අවශ්‍ය basic English knowledge එකක් බවද ඇය පැවසුවාය.
එසේම, 2026 අගෝස්තු මාසයේ හඳුන්වාදීමට නියමිත නව Skilled Residence pathways දෙකත් සමඟ, “mid-skilled roles සඳහා නවසීලන්තයට පැමිණෙන සහ residence බලාපොරොත්තු වන පුද්ගලයන් අවම basic English දැනුමක් සමඟ පැමිණීම වැදගත්” බවද ඇය අවධාරණය කළාය.
Residence සඳහා අවශ්‍ය ඉහළ English standard එක සම්පූර්ණ කිරීමට ඔවුන්ට වසර 5ක් දක්වා කාලය ලබා දෙන බවද සඳහන් වේ.
කෙසේ වෙතත්, Global Workforce Seasonal Visa සහ Peak Seasonal Visa AEWV applicants සඳහා මෙම English requirement එක අදාළ නොවේ.
ඊට අමතරව, රජය විසින් Active Investor Growth category එකට philanthropic investment option එකක්ද එක් කිරීමට තීරණය කර තිබේ.
2026 ජූනි 1 සිට Growth category applicantsලාට තමන්ගේ total investment එකෙන් 20%ක් දක්වා philanthropic gifts ලෙස include කිරීමට අවස්ථාව හිමිවේ.
මෙම option එක දැනට Balanced category එක සඳහා පමණක් තිබූ අතර, වැඩිම applications ලැබෙන Growth category එකට මෙතෙක් අදාළ නොවීය.
Minister Erica Stanford පවසන්නේ, “මෙම වෙනස Growth category එකේ active investment focus එක රඳවාගෙන යන අතරම, philanthropy හරහා communities සඳහාත් positive outcomes ලබාදීමට උපකාරී වනු ඇත” යනුවෙනි.
