New Zealand රජය විසින් Citizenship by grant (අයදුම් කිරීම මගින් පුරවැසිභාවය ලබාගන්නා) පුද්ගලයන් සඳහා නව පරීක්ෂණයක් හඳුන්වා දීමට තීරණය කර ඇත. මෙම තීරණය පිළිබඳව Internal Affairs Minister වන Brooke van Velden මහත්මිය පසුගියදා නිවේදනය කළාය.
මෙම නව පරීක්ෂණය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 2027 වසරේ දෙවන භාගයේ සිටය.
මොනවද මේ පරීක්ෂණයට ඇතුළත් වෙන්නේ?
මෙය Multi-choice (බහුවරණ) ප්‍රශ්න පත්‍රයක් ලෙස පවත්වනු ලබන අතර, New Zealand පුරවැසියෙකු ලෙස දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් මෙහිදී විමසනු ලබයි:
- Bill of Rights Act: රටේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නීති.
- Democratic principles: ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති.
- Structure of government: රජයේ ව්‍යුහය සහ පාලන ක්‍රමය.
- Voting rights: ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය.
- Criminal offences: අපරාධ නීති සහ වැරදි පිළිබඳ අවබෝධය.
- Travel rights: රට තුළ සහ ඉන් පිටත ගමන් කිරීමේ අයිතිවාසිකම්.
අයදුම්කරුවන් මෙම පරීක්ෂණයෙන් සමත් වීම සඳහා අවම වශයෙන් 75% ක ලකුණු ප්‍රමාණයක් ලබාගත යුතුය.
ඇයි මෙවැනි පරීක්ෂණයක් පවත්වන්නේ?
Brooke van Velden මහත්මිය පවසන පරිදි, New Zealand පුරවැසිභාවය යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ ලැබෙන සුවිශේෂී ගෞරවයකි (Significant milestone). එම නිසා, පුරවැසිභාවය ලබාගන්නා සෑම කෙනෙකුම තමන්ට ලැබෙන වරප්‍රසාද (Privileges) මෙන්ම තමන් සතු වගකීම් (Responsibilities) පිළිබඳව නිසි අවබෝධයක් තිබිය යුතු බව රජය විශ්වාස කරයි.
විශේෂයෙන්ම Freedom of speech (අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස) සහ නීතිය ඉදිරියේ සැම දෙනා සමාන වීම වැනි මූලික අගයන් (Values) පිළිබඳව අයදුම්කරුවන් දැනුවත් වී සිටීම මෙහි ප්‍රධාන අරමුණයි.
දැනට තිබෙන නීති මොනවාද?
මෙම නව පරීක්ෂණය හඳුන්වා දුන්නද, Citizenship by grant සඳහා වන අනෙකුත් මූලික සුදුසුකම් එලෙසම පවතී:
- අවම වශයෙන් වසර 5ක් Resident visa සහිතව New Zealand හි පදිංචි වී සිටීම.
- වසරකට දින 240ක් හෝ වසර 5ක් තුළ දින 1350ක් රට තුළ රැඳී සිටීම.
- Basic English (මූලික ඉංග්‍රීසි භාෂා දැනුම).
- Good character (යහපත් චරිතයක් සහිත පුද්ගලයෙකු වීම).
දැනට අයදුම්කරුවන් විසින් තමන් වගකීම් සහ වරප්‍රසාද දන්නා බවට සහතිකයක් (Declaration) අත්සන් කළ යුතු වුවත්, 2027 සිට එම දැනුම මෙම පරීක්ෂණය (New Test) මගින් තහවුරු කළ යුතු වනු ඇත.
මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම් (Guidance) සහ අධ්‍යයන සම්පත් (Resources) ඉදිරියේදී Department of Internal Affairs මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Credit: 1News (1news.co.nz)
