2026 මැයි 7 සිට ක්‍රියාත්මක වන පරිදි, Restricted Licence හිමිකරුවන් ලබාගන්නා සෑම Demerit Point (දඬුවම් ලකුණු) අවස්ථාවකදීම, ඔවුන්ගේ සීමිත කාලසීමාවට (Restricted Period) තවත් මාස 6 බැගින් එකතු කරනු ලැබේ. මෙම නීතියේ පූර්ණ ක්‍රියාත්මක වීම 2027 ජනවාරි 25 දින සිට ආරම්භ වේ.
Land Transport (Driver Licensing) Amendment Rule 2026 යටතේ හඳුන්වා දෙන මෙම වෙනස්කම්වල ප්‍රධාන අරමුණ වන්නේ රියදුරන් අතර වඩාත් ආරක්ෂිත රිය පැදවීමේ රටාවක් (Safe Driving) ඇති කිරීමයි.
අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු:
• Demerit Points ලැබෙන ප්‍රධාන වැරදි:
• අධික වේගය (Speeding)
• මද්‍යසාර පානය කර රිය පැදවීම (Drink driving)
• මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම (Drug driving)
• ජංගම දුරකථන භාවිතය (Mobile phone use)
• ව්‍යතිරේක (Exceptions):
• ඔබ 2027 ජනවාරි 25 දිනට පෙර Full Licence ලබා ගන්නේ නම්, මීට පෙර ලබාගත් Demerit Points සඳහා මෙම අමතර මාස 6ක කාලය එකතු නොවේ.
• 2026 මැයි 7 දිනට පෙර ලබාගත් දඬුවම් ලකුණු මේ සඳහා සැලකිල්ලට නොගැනේ.
2027 ජනවාරි 25 සිට බලාත්මක වන අනෙකුත් වෙනස්කම්:
• Full Licence Practical Test එක ඉවත් කිරීම: Restricted Licence සිට Full Licence දක්වා මාරුවීමේදී රියදුරන්ට තවදුරටත් දෙවන Practical Test (ප්‍රායෝගික පරීක්ෂණය) සඳහා පෙනී සිටීමට අවශ්‍ය නොවේ.
• Hazard Perception Test: මෙම පරීක්ෂණය මින් ඉදිරියට Restricted Practical Test එකටම ඇතුළත් කෙරේ.
• Learner Period එකේ වෙනස්කම් (වයස 25 ට අඩු): * Learner කාලසීමාව මාස 6 සිට 12 දක්වා දීර්ඝ වේ.
• නමුත්, නිසි පරිදි රිය පැදවූ පැය ගණන වාර්තා කිරීමෙන් හෝ අනුමත Practical Course එකක් හැදෑරීමෙන් එය නැවත මාස 6 දක්වා අඩු කර ගත හැකිය.
• Restricted Period එකේ වෙනස්කම් (වයස 25 ට අඩු): Restricted කාලසීමාව මාස 18 සිට 12 දක්වා අඩු කෙරේ.
• Eyesight Tests: කාර් සහ යතුරුපැදි සඳහා Restricted සහ Full Licence අයදුම් කිරීමේදී තවදුරටත් ඇස් පරීක්ෂණ අවශ්‍ය නොවේ.
වැඩිදුර තොරතුරු සඳහා:
ඔබ Learner හෝ Restricted Licence හිමිකරුවෙකු නම්, මෙම වෙනස්කම් ඔබට බලපාන ආකාරය දැන ගැනීමට ඔබේ Contact Details යාවත්කාලීන කරන්න:
නව නීති පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න:
Demerit Points සහ දඬුවම් පිළිබඳ තොරතුරු:

