New Zealand Citizenship ලබාගැනීමට බලාපොරොත්තු වන Migrants සඳහා හඳුන්වාදීමට යන අලුත් Citizenship Test එක ගැන තවත් විස්තර මේ වනවිට අනාවරණය වී තිබෙනවා. Government documents අනුව, applicantsලාට මෙම test එක pass කිරීමට attempts 6ක් ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා.

මෙම Citizenship Test එක 2027 අවසානයේ සිට implement කිරීමට බලාපොරොත්තු වන අතර, New Zealand history, politics, laws සහ citizen responsibilities ගැන multiple-choice questions 20ක් අඩංගු වන බව වාර්තා වෙනවා. Applicantsලාට එහි questions 15ක් හරි උත්තර දිය යුතු අතර, pass mark එක 75%ක් ලෙස සැලසුම් කර තිබෙනවා.

Reports අනුව, test එක in-person format එකකින් පැවැත්වීමට නියමිත අතර, applicantsලාට පළමු attempts 3 ලබාදෙනවා. එම attempts 3ම fail වුවහොත්, නැවත attempt කිරීමට පෙර working days 30ක waiting period එකක් තිබෙන බව සඳහන්. ඉන්පසු තවත් attempts 3ක් ලබාදෙන අතර, 6 වන attempt එකෙන් පසුවත් pass නොවුණොත් application එක withdraw කිරීමට හෝ Minister of Internal Affairs වෙත යොමු කිරීමට හැකි බව documents වල දැක්වෙනවා.

Government එක පවසන්නේ, මෙම Citizenship Test එක හරහා New Zealand citizenship ලබාගන්නා පුද්ගලයින්ට තමන්ගේ rights, responsibilities සහ country values පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් තිබේද යන්න තහවුරු කිරීමට හැකි වන බවයි. Comparable countries වල data අනුව, මේ වගේ tests සඳහා overall pass rate එක 90%ට වඩා ඉහළ බවද officialsලා සඳහන් කර තිබෙනවා.

Credits:
📰 Source – NZ Herald