2026 මැද භාගයේ සිට, නවසීලන්තය නව Skilled Migrant Category (SMC) residence pathways දෙකක් හඳුන්වා දෙනවා, ඒකෙන් skilled workers සහ tradesලාට පහසුවෙන් residency ලබාගන්න පුලුවන් වෙනවා.
1. Skilled Work Experience Pathway
මේ pathway එකෙන් reward කරන්නේ නවසීලන්තයේ සහ overseas වලදී ඔප්පු කරපු experience තියන long-term skilled professionalsලාවයි.
✅ ANZSCO Level 1–3 skilled roles වල ඉන්න migrantsලාට
✅ අවුරුදු 5ක directly relevant work experience තියෙන්න ඕනේ.
✅ ඒකෙන් අවම අවුරුදු 2ක් නවසීලන්තයේ median wage එක වගේ 1.1 ගුණයක් (දැනට $33.56/hr) ට වඩා salary එකක් ඇතුව වැඩ කරලා තියෙන්න ඕනේ.
2. Trades & Technician Pathway
මේ pathway එක New Zealand’s workforce එකට ඉතා වැදගත් වන skilled tradespeople සහ techniciansලා ආකර්ෂණය කරගන්න සහ රඳවාගන්න designed කරපු එකක්.
✅ Specified ANZSCO Level 1–3 trades or technician roles වල ඉන්න migrantsලාට
✅ Level 4 or higher qualification එකක් අවශ්‍යයි.
✅ අවුරුදු 4ක post-qualification experience තියෙන්න ඕනේ.
✅ ඒකෙන් අවම මාස 18ක් නවසීලන්තයේ median wage එක හෝ ඊට වැඩි salary එකකට වැඩ කරලා තියෙන්න ඕනේ.
⚠️ මතක තියාගන්න:
මේ pathways වලට අමතර occupation restrictions apply වෙනවා, සමහර roles excluded වෙන්න පුලුවන්. Eligible roles, qualification lists, සහ wage thresholds ගැන full details launch date එකට කිට්ටුවෙන් release කරනවා.
📌 දැනට ඔබ නවසීලන්තයේ skilled හෝ trade role එකක වැඩ කරනවා නම්, දැන් මේ දේවල් කරන්න:
• ඔබගේ qualifications, wage history, සහ work experience ගැන records තියාගන්න.
• මේ pathways ඔබට කොහොම apply වෙයිද කියලා දැන්ම plan කරන්න.
⚠️ Note: Additional occupation restrictions will apply, and some roles may be excluded. Full details on eligible roles, qualification lists, and wage thresholds will be released closer to the launch date.

