හෙට (17 September 2025) සිට වේගය (speed) හඳුනාගැනීම සඳහා වන NZTA හි පළමු ජංගම ආරක්ෂිත කැමරාව ට්‍රේලරයක් මත සවිකර මාර්ගයට යෙදවීමට නියමිතයි.

කැමරා සවිකරන ලද මෙම ට්‍රේලර් NZTA හි කැමරා සවිකරන ලද රථ (SUVs) ඇතුළත් රථ පෙළට එකතු වෙනවා. ජංගම කැමරා (mobile cameras) පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු 4ක් පහත දැක්වෙනවා.

• NZTA විසින් ජංගම ට්‍රේලර් (mobile trailers) සහ රථ ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක මෙහෙයවනවා, ඒ කියන්නේ ඔබට ඒවා රට පුරා ඕනෑම ආකාරයක පොදු මාර්ගයක දවල්ට සහ රාත්‍රියේදී දැකගන්නට පුළුවන්.

• ට්‍රේලර් සහ රථ මගින් ඔබ කැමරාව වෙත ළඟා වෙන විට සහ කැමරාව පසුකර යන විට වේගය හඳුනාගන්නා අතර එය මාර්ගයේ දෙපසම ක්‍රියාත්මක වෙනවා.

• ට්‍රේලර් සියල්ලම සුදු පැහැයෙන් (white) වර්ණාලේප කර ඇති අතර මෙම ඡායාරූපයේ ඇති එක මෙන් පෙනෙනවා. රථ විවිධ වර්ණ (colours), මාදිලි (makes), සහ මොඩල් (models) ඒවා වෙනවා. මේ කිසිවකට සන්නාමකරණයක් (branding) නොමැති අතර කිසිදු සලකුණු පුවරුවක්ද නොමැත.

• ට්‍රේලර් සහ රථ කිසිවක් සලකුණු පුවරු (sign boards) යොදා පෙන්වා නැත.

NZTA හි අරමුණ වන්නේ නියමිත වේග සීමාව (speed limit) ඉක්මවා යන පුද්ගලයින් සංඛ්‍යාව අඩු කිරීම සහ බරපතල හෝ මාරාන්තික අනතුරක් (fatal crash) ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීමයි.

කැමරා පෙනෙන ආකාරය, ඒවා ක්‍රියා කරන ආකාරය සහ NZTA ඒවා භාවිතා කරන ආකාරය අපි ඔබ සමඟ බෙදාගන්නේ ඔබට කුමක් බලාපොරොත්තු විය යුතුද යන්න දැන ගැනීමටයි.

වේග සීමාව ඉක්මවා යාම නීති විරෝධී (illegal) ක්‍රියාවකි. ඔබ වේග සීමාවට හෝ ඊට අඩු වේගයකින් ගමන් කරන්නේ නම් ඔබට වේග සීමා පැනවීමේ ටිකට්පතක් (speeding ticket) නොලැබෙනු ඇත. ඔබ වේග සීමාව ඉක්මවා ගියහොත් ආරක්ෂිත කැමරාවකින් එය හසු වුවහොත් ඔබට දඩ නියම වනු ඇත. ඔබට මෙය වළක්වා ගත හැක්කේ වේගය නොඉක්මවා යාමෙන් (not speeding) පමණයි.

NZTA රථ (SUVs) දැනටමත් රට පුරා ක්‍රියාත්මක වෙනවා. NZTA හි පළමු ට්‍රේලරය 2025 සැප්තැම්බර් 17 සිට ඕක්ලන්ඩ් (Auckland) හි මෙහෙයුම් ආරම්භ කරනු ඇත. ඉදිරි මාස කිහිපය තුළදී NZTA විසින් රට පුරා තවත් ට්‍රේලර් එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

NZTA වෙබ් අඩවියේ (website) ස්ථාවර කැමරා (fixed cameras) පිහිටි ස්ථාන සහ කැමරා ක්‍රියා කරන ආකාරය පිළිබඳ විස්තර ඇතුළුව NZTA හි සියලුම ආරක්ෂිත කැමරා (safety cameras) වර්ග පිළිබඳ වැඩි විස්තර අඩංගු වෙනවා: https://nzta.govt.nz/safety-cameras