නවසීලන්ත පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේ fees නොවැම්බර් 12, සිකුරාදා සිට **19%**කින් වැඩි කිරීමට නියමිත බව Department of Internal Affairs (DIA) නිවේදනය කර ඇත.
🛑 නව ගාස්තු මෙසේය:
- වැඩිහිටියෙකු සඳහා (Citizenship by Grant):
- පැරණි ගාස්තුව: $470.20
- නව ගාස්තුව: $560
- වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා:
- පැරණි ගාස්තුව: $235.10
- නව ගාස්තුව: $280
- පරම්පරාවෙන් පුරවැසිභාවය (Citizenship by Descent) සඳහා අයදුම් කිරීමේ fee:
- පැරණි ගාස්තුව: $204.40
- නව ගාස්තුව: $243
🗣️ DIA හි සාමාන්‍යාධිකාරී ඇඩ්රියන් ජාවිස් (Adrian Jarvis) මහතා පැවසුවේ, පුරවැසිභාවය සඳහා වූ මෙම fees වසර 22ක් තිස්සේ unchangedව පැවති බවයි.
ඔහුට අනුව, මෙම ගාස්තු ගැලපීම සිදු කරන්නේ, සේවාවන් ලබා දීම sustainable ආකාරයකින් පවත්වාගෙන යාමට සහ rising costs සපුරාලීමටයි.
“උසස් තත්ත්වයේ සේවාවන් පවත්වා ගැනීම සහ ඉහළ යන වියදම් සපුරාලීම සඳහා fees update කිරීම අත්‍යවශ්‍යයි,” ඔහු පැවසීය. “මෙම වෙනස්කම් සිදු වූවත්, නවසීලන්ත citizenship fees තවමත් ජාත්‍යන්තරව අඩුම ගාස්තු අතර පවතිනවා.”
DIA ආයතනය පුරවැසි සේවා සඳහා වන සියලුම products සහ ඒවායේ amended fees ලැයිස්තුව නවසීලන්ත රජයේ website එකෙහි පළ කිරීමට නියමිතයි.

