SriLankan Airlines නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අගෝස්තු 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි Colombo සහ Melbourne අතර සතිපතා ගුවන් වාර සංඛ්‍යාව 10 දක්වා වැඩි කරන බවයි.

Australia සිට පැමිණෙන මගීන් සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව SriLankan Airlines පවසයි.

ඒ අනුව, අලුතින් එක් කළ ගුවන් වාර සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම ක්‍රියාත්මක වීමට නියමිතය.