මේ දවස්වල New Zealand රස්නෙ දරාගන්න බැහැ නේද? වැස්ස තිබ්බත්, නැතත් අපිට දැනෙන මේ “ඇලෙන සුළු” රස්නෙට ප්‍රධාන හේතුව තමයි Humidity එක එහෙමත් නැත්තම් වාතයේ ආර්ද්‍රතාවය වැඩි වීම.
වාතය රත් වුනාම අපිට දාඩිය දානවා, ඒත් humidity එක වැඩි වුනාම ඒ දාඩිය ඉක්මනට වේලෙන්නෙ නෑ. අන්න එතකොට තමයි අපිට ඇඟට හරිම sticky ගතියක් සහ අපහසුවක් දැනෙන්නේ. මේ තත්වය නිසා ගොඩක් අයට රෑට නින්ද යන්නෙත් නෑ.
ඉතින් කොහොමද මේ රස්නෙට මුහුණ දීලා, ඔයාගේ කාමරේ dry එකේ තියාගෙන හොඳට නිදාගන්නේ? මෙන්න ඒකට උදව් වෙන Tips 10ක්.
1. Synthetic ඇඳුම් අයින් කරන්න (Swap synthetics for natural fibres)
Humidity එක වැඩි දවස්වලට ඔයා අඳින ඇඳුම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. Polyester වගේ synthetic රෙදි වෙනුවට, Cotton හෝ Linen වගේ හුළං වැදෙන (breathable) ඇඳුම් පාවිච්චි කරන්න. ඒ වගේම හිරට අඳින්නේ නැතුව loose-fitting ඇඳුම් අඳින එක තමා හොඳම දේ. මේක Bed sheets වලටත් අදාලයි. Cotton bed sheets පාවිච්චි කලොත් ඇඟට හුළං වැදිලා රස්නෙ අඩුවෙන් දැනෙයි.
2. දවල්ට ජනෙල් රෙදි වහලා තියන්න (Close your curtains)
ගෙදරට එන රස්නයෙන් 30% ක්ම එන්නේ ජනෙල් වලින්. ඒ නිසා දවල් වෙලාවට ජනෙල් වහලා, Curtains දාලා තියන්න. හිතෙයි ජනෙල් අරින එක හොඳයි කියලා, ඒත් humidity එක වැඩි වෙලාවට එළියෙ තියෙන රස්නෙ ගෙට එන එක නවත්තන එකයි වැදගත්.
3. වතුර බොන්න! (Stay hydrated)
මේක හරිම simple දෙයක් වගේ පෙනුනට, අම්මලා කියන දේ ඇත්ත. Humidity එක වැඩි දවස්වල හොඳට වතුර බොන්න ඕනේ. විජලනය (Dehydration) වුනාම අපේ ඇඟේ body temperature එක පාලනය කරන්න අමාරු වෙනවා. ඒ නිසා ඇඳ ළඟින් වතුර බෝතලයක් තියාගෙන රෑට ටික ටික වතුර බොන්න.
4. Dehumidifier එකක් හෝ AC එකේ Dry Mode පාවිච්චි කරන්න
පුළුවන් නම් Dehumidifier එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්තම් Air Conditioner (AC) එකේ “Dry Mode” එක දාන්න. මේකෙන් කාමරේ තියෙන වතුර වාෂ්ප (moisture) උරාගෙන, සිසිල් සහ වියළි හුළං (drier air) කාමරයට ලබා දෙනවා. ගෙදර Mould (පුස්) හැදෙන එක නවත්තන්නත් මේක උදව් වෙනවා.
5. තනියම නිදාගන්න (Sleep alone)
සීතල කාලෙට Cuddle කරන එක හොඳ වුනාට, මේ වගේ muggy nights වලට ඒක අමාරු වැඩක්. දෙන්නෙක් ළඟ ළඟ නිදාගත්තම body heat එක වැඩි වෙන නිසා රස්නෙ තවත් වැඩි වෙනවා. ඒ නිසා ටිකක් ඈත් වෙලා නිදාගන්න එක තමා නුවණට හුරු.
6. ඇඟ හෝදගන්න (Try a cool shower)
නින්දට යන්න කලින් ඇඟ ටිකක් හෝදගන්න (Cool shower). මේකෙන් ඔයාගේ core body temperature එක අඩු වෙලා, fresh විදියට නින්දට යන්න ඔයාට උදව් කරනවා.
7. Fan එක හරවන්න ඕන පැත්ත දන්නවද? (Direct heat out)
මේක ගොඩක් අය නොදන්න trick එකක්. Fan එක කෙලින්ම ඔයාගේ ඇඟට අල්ලන් ඉන්නවට වඩා, ජනේලය පැත්තට හරවලා තිබ්බොත් කාමරේ තියෙන රස්නෙ හුළං (hot air) එළියට යවන්න උදව් වෙනවා. එතකොට කාමරේ temperature එක අඩු වෙනවා. (හැබැයි මේකට ජනේලය ඇරලා තියන්න ඕනේ).
8. ගේ ඇතුලේ රෙදි වනන්න එපා (Keep the house dry)
තෙත රෙදි හෝ ටවල් ගේ ඇතුලේ වේලෙන්න දැම්මම ඒකෙන් එන වතුර වාෂ්ප නිසා humidity එක තවත් වැඩි වෙනවා. පුළුවන් තරම් එළියේ හෝ ගරාජ් එකේ රෙදි වනන්න. අනිවාර්යයෙන්ම ගේ ඇතුලේ වනන්න වෙනවා නම් හොඳ ventilation තියෙන තැනක වනන්න.
9. AC එකේ Filters පිරිසිදු කරන්න
ඔයා ගෙදර AC එකක් පාවිච්චි කරනවා නම්, ඒකේ Filters පිරිසිදු ද කියලා බලන්න. Clean filters තියෙනකොට AC එක efficient විදියට වැඩ කරනවා වගේම ඉක්මනට කාමරේ cool කරනවා.
10. රෑට ජනෙල් අරින්න (Open windows at night)
ඉර බැස්සට පස්සේ ජනෙල් අරින්න. රෑට එළියේ තියෙන හුළං (cooler night air) ගේ ඇතුලට එන්න දීලා, දවල් තිස්සේ ඇතුලේ හිර වෙලා තිබුන රස්නෙ (pent-up humidity) එළියට යවන්න මේක උදව් වෙනවා.
Stay cool and sleep tight!
Credits: Based on an article by Jenni Mortimer (NZ Herald)

