නවසීලන්ත ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ව්‍යාපාරික ක්ෂේත්රය නවීකරණය කිරීමට රජය අලුත් පියවරක් ගෙන තිබෙනවා. ඒ තමයි නව ව්‍යාපාර ආයෝජක වීසා (New Business Investor Visa) හඳුන්වා දීම. මේ වීසා එක නිර්මාණය කරලා තියෙන්නේ, පළපුරුදු ව්‍යාපාරිකයන්ට නවසීලන්තයේ පවතින ව්‍යාපාරවල ආයෝජනය කරන්න, ඒවා පවත්වාගෙන යන්න සහ දියුණු කරන්න අවස්ථාවක් ලබා දීමටයි.
ඇයි මේ වීසා එක වැදගත් වෙන්නේ?
මේ වීසා එක මගින් රැකියා අවස්ථා වැඩි කරන්න, ආදායම් මාර්ග දියුණු කරන්න සහ දැනට පවතින ව්‍යාපාරවලට අලුත් ජීවයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සරලවම කිව්වොත්, විදේශ ආයෝජන හරහා නවසීලන්තය තවත් දියුණු රටක් බවට පත් කිරීම තමයි මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ.
ආයෝජන විකල්ප මොනවාද?
ඔබට මේ වීසා එක සඳහා අයදුම් කරන්න පුළුවන් ප්‍රධාන විකල්ප දෙකක් තියෙනවා:
- විකල්පය 1: පවතින ව්‍යාපාරයකට $ මිලියන 1ක් ආයෝජනය කරන්න. මේ යටතේ ඔබට වසර තුනක work-to-residence pathway එකක් ලැබෙනවා.
- විකල්පය 2: පවතින ව්‍යාපාරයකට $ මිලියන 2ක් ආයෝජනය කරන්න. මේ යටතේ ඔබට මාස 12ක් ඇතුළත පදිංචිය සඳහා ඉක්මන් මාර්ගයක් (fast-track to residence) ලැබෙනවා.
මෙම වීසා වැඩසටහන 2025 නොවැම්බර් මාසයේදී අයදුම්පත් සඳහා විවෘත කිරීමට නියමිතයි.
කලින් තිබූ වීසා එකට මොකද වුණේ?
අලුත් Business Investor Visa එක හඳුන්වා දීමත් සමඟ, කලින් තිබූ Entrepreneur Category වීසා එක නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුව විසින් ඉවත් කර තිබෙනවා. ඒකට හේතුව, ඒ වීසා එකට අයදුම්පත් අඩු වීම සහ ඉහළ ප්‍රතික්ෂේප වීමේ අනුපාතයක් තිබීමයි. ඒ නිසා, අලුත් වීසා එක වඩාත් පැහැදිලි නීති රීති සහ පහසු ක්‍රියාවලියක් සහිතව නිර්මාණය කරලා තියෙනවා.
නවසීලන්ත ආණ්ඩුව විශ්වාස කරනවා, මේ වෙනස්කම් හරහා වඩාත් දක්ෂ හා පළපුරුදු ව්‍යාපාරිකයන් ආකර්ෂණය කරගෙන, නවසීලන්ත ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියලා. මේක නවසීලන්තයේ ව්‍යාපාරික අනාගතයට ඉතා හොඳ ආරම්භයක්.

