2025 අගෝස්තු 18 සිට, තවත් skills වෘත්තීය රැකියා දහයක් නවසීලන්තයේ Green List එකට එකතු වේ. මෙම වෙනස්කම මඟින්, එම රැකියා සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින්ට “Work to Residence” ක්‍රමවේදය ඔස්සේ පදිංචි Visa සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබේ. මීට අමතරව, නිපුණතා සහිත පදිංචි වීසා සඳහා වන වැටුප් සීමාවන් ද යාවත්කාලීන වේ.
එකතු කරන 10 trades occupations:
- Metal Fabricator
- Metal Machinist (First Class)
- Fitter (General)
- Fitter and Turner
- Fitter Welder
- Pressure Welder
- Welder
- Panel Beater
- Vehicle Painter
- Paving Plant Operator
Work to Residence” ක්‍රමවේදය සඳහා සුදුසුකම්
මෙම වීසා සඳහා සුදුසුකම් ලැබීමට නම්, ඔබ ඉහත සඳහන් රැකියාවන්ගෙන් එකක නවසීලන්තය තුළ දැනට රැකියාවක් කරමින් සිටිය යුතු හෝ රැකියා අවස්ථාවක් තිබිය යුතුය. එමෙන්ම, ඔබ එම රැකියාවේ අවම වශයෙන් වසර 2ක (මාස 24) පූර්ණ-කාලීන, වැටුප් සහිත සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
Eligibility Requirements (Apply කරන්න පුළුවන් කාටද?)
- Green List එකේ සඳහන් රැකියාවක රැකියාවක් හෝ රැකියා අවස්ථාවක් තිබීම.
- වයස අවුරුදු 55ක් හෝ ඊට අඩු වීම.
- සෞඛ්‍ය, චරිතය, සහ ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා සපුරා තිබීම.
- රැකියාවට අදාළ වැටුප් සීමාවන් සපුරා තිබීම.
Wage thresholds:
- Metal Fabricator, Welder, Fitter, සහ Machinist වැනි රැකියාවන් සඳහා පැයකට $43.63 (වසරකට ආසන්න වශයෙන් $90,750).
- Panel Beater, Vehicle Painter, සහ Paving Plant Operator වැනි රැකියාවන් සඳහා පැයකට $38.59 (වසරකට ආසන්න වශයෙන් $80,267)
මෙම වැටුප් සීමාවන් “Skilled Migrant”, “Work to Residence”, සහ “Straight to Residence” යන සියලුම නිපුණතා පදිංචි වීසා බලපත්‍ර සඳහා ද අදාළ වේ. මෙම වැටුප් සීමාවන් වාර්ෂිකව සමාලෝචනය කර, වෙළඳපල තත්ත්වයන් සහ නිපුණතා අවශ්‍යතා පිළිබිඹු කරමින් යාවත්කාලීන කරනු ලැබේ. මෙම වෙනස්කම් සඳහා නව මධ්‍යස්ථ වැටුප, නවසීලන්ත සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 ජුනි දත්ත මත පදනම්ව, පැයකට $33.56 ක් වනු ඇත
Skilled Residence Visas – Wage Thresholds Update
2025 August 18 සිට skilled residence visas (Skilled Migrant, Work to Residence, Straight to Residence categories) wage thresholds update වෙනවා.
- New Median wage: $33.56/hour (Statistics NZ – June 2024 data).
- මේක annually review වෙලා market conditions සහ skill requirements reflect කරනවා.

